Wednesday, July 1, 2015

පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය-


පරිසර සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනයේ මූලධර්ම: ශ්රී ලාංකීය නිදර්ශන ඇසුරින් විවරණයක්
-අංජානි ලීලාරත්න-
-නීති ඒකකය, මධ්යම පරිසර අධිකාරිය-

"නීතිය සමාජ අවශ්යතා පිළිබිඹු කරන කැඩපතකි. නීතිය මඟින් සමාජයේ එකිනෙකට ගැටෙන අයිතිවාසිකම් තුලනය කරමින් සමාජ ඉංජිනේරුවෙකුගේ කාර්යය ඉටු කරයි"
-නීතිවේදී රොස්කො පවුන්ඩ්

    නීතියට, තිරසාර සංවර්ධන ක්රියාවලිය මෙහෙයවිය හැකි බව කිව යුතුය. මන්ද යත්, මානව සමාජය තුළ සම්බන්ධතාවයන් පාලනය කරනු ලබන්නේ, නීතිය මඟින් වන බැවිනි. සාම්ප්රදායිකව සැලකූ විට, අන්තර් ජාතික නීතිය මගින් එක් එක් රටවල් අතර ඇති සම්බන්ධතාවය පාලනය කරයි. මානව හිමිකම් නීතිය මඟින් එක් එක් පුද්ගලයා සතු අයිතිවාසිකම් සහ වගකීම්ද, රජයක් විසින් එකී අයිතීන් ආරක්ෂා කිරීමට ඇති වගකීම අතර තුලනයක් ඇති කරයි. පරිසර නීතිය මඟින් රජයට සහ තනි පුදුගලයන්ට, සොබා දහම කෙරෙහි සහ සෞඛ්යවත් පරිසරයක් රැක ගැනීම කෙරෙහි ඇති වගකීම දක්වයි. අන්තර් ජාතික මානුෂවාදී නීතිය මඟින් පාරිසරික කරුණු මෙන් යුධ ගැටුම් පවතින අවස්ථාවකදී සිවිල් ජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්යමය අවශ්යතාවයන් පාලනය කිරීමට අදාළ නීති තත්ත්වය පැහැදිලි කරයි.
    උක්ත දැක්වූ සෑම නෛතික දේහයක්ම තිරසාර සංවර්ධනය නමැති සංකල්පය මුල් බැස ගැනීමෙහිලා දායකත්වය සපයා ඇති බව අවධාරණය කළ යුතුය. කිසිඳු විටෙක මෙකී නීති ශාඛාවන්ගෙන් හුදෙකලාව තිරසාර සංවර්ධන සංකල්පය සාක්ෂාත් කරගත නොහැකි බව අවබෝධ කරගත යුතුය. එකිනෙකට ගැටෙන අයිතිවාසිකම් පවතින සමාජයක, වඩා වැඩියෙන් වැදගත් වන්නේ කුමක්දැයි තීරණය කිරීමට සෑම නීති දේහයක් අතරම තුලනාත්මක සහසම්බන්ධතාවයක් පැවතිය යුතු බවට තර්ක කළ හැකිය.
    "තිරසාර සංවර්ධනය" යන්න සරලව විග්රහ කරන්නේ නම්, වර්තමානයේ අවශ්යතාවන් තෘප්ත කර ගන්නා අතරම අනාගත පරපුරට ඔවුන්ගේ අවශ්යතාවයන් තෘප්ත කර ගැනීමට ඇති අවස්ථාව සුරක්ෂා කර දෙමින් සිදු කරන සංවර්ධනය ලෙස දැක්විය හැකිය,
    සංවර්ධනයේ අරමුණ වන්නේ, මනුෂ්යත්වයේ මූලික අවශ්යතාවයන් තෘප්ත කිරීම, සෑම දෙනාගේම ජීවිතයේ ගුණත්මය වැඩි දියුණු කිරීම සහ සුරක්ෂිත අනාගතයක් තහවුරු කිරීමයි. 1992 පරිසරය සහ සංවර්ධනය පිළිබඳ රියෝ ප්රකාශනයෙහි 01 මූලධර්මයෙහි දැක්වෙන පරිදි, තිරසාර සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කිරීමේ මධ් ලක්ෂයෙහි මානවයා සිටියි. සෑම මනුෂ්යයෙකුම සොබාදහම සමඟ මිතුරුව සෞඛ්යවත් සහ ඵලදායීත්වයෙන් යුතු ජීවිතයක් ගත කිරීම සඳහා අයිතිවාසිකම් ලබයි.
    පුද්ගලයාට එසේ සෞඛ්යවත් පරිසරයක් සඳහා අයිතිවාසිකමක් පවතිනවා මෙන්ම, සෑම මනුෂ්යයෙකුටම පරිසර සංරක්ෂණය සහ සංවර්ධන ක්රියාකාරකම් එකට සමෝධානය කිරීමේ වගකීමක් තිරසාර සංවර්ධනය අත්පත් කර ගැනීමේ සෑම මට්ටමකදීම පවතී. මෙහිලා මානව සම්පත් භාවිතය සහ ඊට ආනුශංගික ක්රියාකාරකම් පිරිසරික පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා සහය දැක්වීමට හැකි වපසරිය තුළ පවත්වා ගෙන යා යුතුය.
    පරිසරය සංරක්ෂණය කිරීම හොඳින් සාක්ෂාත් කරගත හැක්කේ පාරිසරික හානි වළක්වා ගැනීමෙනි. මෙහිදී, සිදු වූ හානියට ප්රතිකර්ම යෙදීමට උත්සාහ දැරීම හෝ එබඳු හානියක් සඳහා වන්දි ලබා ගැනීමට වඩා එකී හානි සිදු වීමට පෙර වළක්වා ගැනීම වඩා වැදගත් වේ. මෙය පූර්වාරක්ෂක පිළියවත් අනුගමනය කිරීම මඟින් සිදු කළ හැකි බවද අඅවධාරණය කළ හැකිය.
    එහිලා චාරිත්රානුකූල අන්තර් ජාතික නීතිය යටකේ හඳුනා ගත හැකි ,පූර්වාරක්ෂක මූලධර්මය විශේෂයෙන් වැදගත් වේ. (Precautionary Principle) මෙහිදී අදාළ පරිසර හානිය සිදුවීමට ප්රථමයෙන් එය වළක්වා ගැනීමඅපේක්ෂා කරයි. පරිසර සංරක්ෂණය සඳහා  මෙකී නෛතික මෙවලම ඉවහල් කර ගත හැකි බවද කිව හැකිය. "පාරිසරික බලපෑම් තක්සේරු වාර්තවන්" ලබා දීමට අදාළ නෛතික තත්ත්වය මගින් පූර්වාරක්ෂණ මූලධර්මය අනුව යමින් පරිසර සංරක්ෂණය සිදු කරන බව අවධාරණය කළ යුතුය.
    පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවන් මගින් සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීමේදී හරහා සිදු විය හැකි පරිසර හානි සම්බන්ධයෙන් විශ්ලේෂණය කර, එකී පරිසර හානි අවම වන අයුරින් සහ සංවර්ධන ව්යාපෘතියේ උපරිම ප්රතිලාභ ලැබෙන අයුරින් එකී ව්යාපෘතිය සැලසුම් කිරීම සිදුවේ. තවද, යෝජිත නියමිත ව්යාපෘතියක අපේක්ෂිත පාරිසරික විපාක සොයා බලා, පාරිසරික පිරිවැය හා සංවර්ධනයේ ප්රතිලාභ අතර විශ්ලේෂණයක් සිදු කර අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කර දීම සිදු කරන බැවින් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තවන් ලබා ගැනීම තිරසාර සංවර්ධනයක්  අපේක්ෂා කරන සියලුම දෙනා විසින් අගය කර දැක්විය යුතුය.
    එමෙන්ම, පාරිසරික බලපෑම් තක්සේරු වාර්තවන් මඟින් සංවර්ධන ව්යාපෘතිවලට පෙර ඉතා සංවේදී පාරිසරික කලාප හඳුනා ගෙන ඒවා ආරක්ෂා කිරීමට හැකියාව ලැබේ. නිදර්ශන වශයෙන් ශ්රී ලංකාවේ පරිසර සංරක්ෂණය කිරීමේ අරමුණින් "පාරිසර ආරක්ෂක ප්රදේශ" නම් කර තිබීම හැඳින්විය හැකිය. තලංගම පරිසර ආරක්ෂක ප්රදේශය, මුතුරාජවෙල පරිසර ආරක්ෂක ප්රදේශය, හන්තාන පරිසර ආරක්ෂක ප්රදේශය හා බොල්ගොඩ පරිසර ආරක්ෂක ප්රදේශයමෙහිලා විශේෂයෙන් සටහන් කළ යුතුය.
පාරිසරික ආරක්ෂක ප්රදේශයන් ලෙස උක්ත ප්රදේශ ප්රකාශයට පත් කිරීමට අදාළ නෛතික ප්රතිපාදනලුහුඩින් පහත දක්වා ඇත.

·        තලංගම පරිසර ආරක්ෂක ප්රදේශය
මධ්යම පරිසර අධිකාරිය විසින් 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ විධි විධානවලට අනුව අංක 1487/10 හා 2007.03.05 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් තලංගම වැව හා අවට කුඹුරුද ඇතුළත්ව හෙක්ටයාර 118 භූමි ප්රදේශය පාරිසරික ආරක්ෂක ප්රදේශයක් ලෙස ප්රකාශයට පත් කරන ලදී.


·        මුතුරාජවෙල පරිසර ආරක්ෂක ප්රදේශය
1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ විධි විධානවලට අනුව 1466/26 හා 2006.10.13 දින දරණ අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ඉහත සඳහන් ප්රෙරණ කලාපයෙන් හෙක්ටයාර 206.78 වපසරියක් මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප්රදේශය ලෙස ප්රකාශයට පත් කරන ලදී

·        හන්තාන පරිසර ආරක්ෂක ප්රදේශය
මධ්යම පළාතේ මහනුවර දිස්ත්රික්කයේ, මහනුවර නගරයේ සිට කිලෝ මීටර් 4ක් පමණ දකුණු දෙසින් පිහිටි සුන්දර හන්තාන කඳුවැටිය මහවැලි නදියට සමාන්තරව පිහිටි කඳු කිහිපයකින් සමන්විත වේ.
නෛතික වශයෙන් මෙම කඳුවැටියට ආරක්ෂිත තත්ත්වයක් ලබා දී එමඟින් මෙම ප්රදේශයට සහ එහි ජෛව විවිධත්වයට මානව ක්රියාකාරකම් මගින් සිදුවන හානි හැකිතාක් දුරට පාලනය කිරීම සඳහා මධ්යම පරිසර අධිකාරිය විසින් පියවර ගෙන ඇත1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ විධි විධානවලට අනුවහන්තාන කඳුවැටිය 2010 පෙබරවාරි 17 දිනැති අංක 1641/28 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් පාරිසරික ආරක්ෂක ප්රදේශයක් ලෙස ප්රකාශයට පත් කරන ලදී.

·        බොල්ගොඩ පරිසර ආරක්ෂක ප්රදේශය
1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ විධි විධානවලට අනුව, අංක 1634/23 දරන හා 2009-12-30 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් පානදුර ගගේ මෝය කටේ සිට වේරැස් ගගේ දකුණු කෙළවර දක්වා විහිදී ඇති වේරැස් ගඟ බොල්ගොඩ උතුරු වැව, බොල්ගොඩ ගග සහ බොල්ගොඩ දකුණු වැව , පානදුර ගග හා ඒ ආශ්‍රිත සියලුම දූපත් හා ජල දේහයන් ඇතුළත්ව ඒවායේ පවතින ඉවුරුවල සිට මීටර් 60ක් දක්වා ගොඩබිම දෙසට විහිදුන ප්‍රදේශය බොල්ගොඩ පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

          සමස්තයක් ලෙස කරුණු දැක්වීමේදී පරිසරය ආරක්ෂා කර ගනිමින්  සෑම පුද්ගලයෙකුගේම ජීවිතයේ ගුණත්මය වැඩි දියුණු කිරීම සඳහා සංවර්ධන ක්‍රියාවලීන් තිරසාර ආකාරයෙන් ඉටු කළ යුතු බවද, තිරසාර නොවන ආකාරයේ නිෂ්පාදන සහ පරිභෝජන රටාවන්, සංවර්ධන ව්‍යාපෘති බැහැර කරලීම සඳහා නෛතික තත්ත්වයන් වර්ධනය විය යුතු බවද අවධාරණය කළ යුතුය. තවද, පරිසර සංරක්ෂණය හරහා අනාගත පරපුරේ පැවැත්ම හා ඔවුන්ට සෞඛ්‍යමත් පරිසරයකට ඇති අයිතිවාසිකමද ආරක්ෂා කිරීම වර්තමාන පරපුරේ වගකීම සහ යුතුකම වන බවද , ඒ සඳහා තිරසාර සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම කළ යුතු බවද අවසාන වශයෙන් යෝජනා කළ හැකිය.



Monday, June 22, 2015

Children in immigration detention in Australia: Human Rights and state Responsibility- Abstract


Sri Lankan children in immigration detention in Australia: Human rights and state responsibility
Anjani Leelarathna1#
 Intern at Central Environmental Authority, Sri Lanka
 
Abstract - There are many families in immigration detention in Australia. People who are fleeing Sri Lanka devastated by the ethnic conflict between Tamil Tigers & Sri Lankan government have the same basic needs as decent living standards, social equality, health care and medicine.

                                                                                                                                                                                     

 According to the current legislation in Australia, asylum seekers who arrive by boat, must be taken “as soon as reasonably practicable” to a Regional Processing Country unless the Minister determines otherwise. Sri Lanka has been co-operating with Australia to return these migrants. Children who are in this situation are very vulnerable and need special protection. There are existing international Human Rights and Child Rights standards and mechanisms, but their implementation is unsatisfactory. It is clear that Australia’s system of mandatory immigration detention of children is fundamentally inconsistent with Australia’s human rights obligations such as ICCPR, ICESCR, CRC and Torture Convention.
 

 The children in detention on Christmas Island live in converted shipping containers the majority of which are 3 x 2.5 meters. Children are effectively confined to these rooms for many hours of the day as they are the only private spaces that provide respite from the heat. The lack of school education on Christmas Island for teenagers has had negative impacts on their learning and may have long term impacts on the cognitive development of these children. And also the level of mental distress of children in detention is evident by very high rates of self-harm.
 

The main intention of this paper is to find out the duty owed by Australia and Sri Lanka to these children under International Law. This paper also discusses whether the current standards and mechanisms are sufficient to deal with the current problems and suggest how it could be further developed.
 

 

 

Keywords:  Children’s Rights, Asylum seekers, State Responsibility

 

 

Sunday, December 21, 2014

Mind Maps on Law - Study tool


Mind Mapping Introduction


Studying Law sometimes makes me feel tired. But since I got to know about “Mind Mapping”, I felt that everything is going to be easy & effective. Mind mapping is one of the most common types of information processing. As a law student I have been benefited from this method for a couple of years. This method is the best tool for students those who learn through Visuals. (Visual Learners) Simply this can be mentioned as some kind of a Short Note because it contains all the information in one page. I hope those who are interested in making their life easy and effective will try this.. 

 

What are the benefits of Mind Mapping? 

 


See Further:

http://www.edudemic.com/benefits-of-mind-mapping/

http://thinkbuzan.com/articles/view/how-can-i-improve-my-study-skills-with-mind-mapping/

http://www.wikihow.com/Make-a-Mind-Map


Examples :