Sunday, November 8, 2015
Monday, September 21, 2015
Sunday, September 20, 2015
Thursday, September 3, 2015
The International Research Conference- the Kotelawala Defence University (KDU IRC - 2015)
The International Research Conference organized by the Kotelawala Defence University (KDU IRC - 2015) was commenced with the participation of scholars, foreign and local dignitaries at the KDU premises on the theme of ‘Inculcating Professionalism for National Development' on 27 August 2015.
Hon.
Minister of Justice Dr. Wijedasa Rajapaksha participated as the Chief Guest and
delivered the Keynote Speech at the inaugural session. During his address he
emphasized the importance of inculcating professionalism for national
development and amply highlighted the historical evidences in this context.
Further, he expressed that at present every branch or field of professionalism
is now inter-winded with the global setup as globe as now shrunk in to a global
village.
Research conference enriched with
the participation of many local and foreign academia, professionals and
practitioners. The conference, saw a large gathering of distinguished
researchers from an array of disciplines such as Defence
and Strategic Studies, Engineering, Information Technology, Medicine, Basic and
Applied Sciences, Allied Health Sciences, Law, Management Social Sciences &
Humanities, Built Environment and Spatial Sciences whose research in diverse
fields will generate productive knowledge and fruitful discussion that would be
instrumental in inculcating professionalism for National Development.
Wednesday, September 2, 2015
Sunday, August 23, 2015
Biodiversity Conservation and Management: Sri Lankan Perspective with reference to Environmental Protection Areas Declared by the Government
Anjani Leelarathna
Abstract: Sri
Lanka is considered as a country rich in Bio-diversity. It has been identified
as one of the 34 countries with biodiversity hot spots in the world. A
noteworthy feature of Sri Lanka's biodiversity is the remarkable high
proportion of endemic species among its flora and fauna. Though Sri Lanka has
been ratified the 1992 Convention on Biological Diversity in 1994, its
implementation is unsatisfactory. Therefore, protecting Sri Lanka's
biodiversity at a national level has been a key challenge. The National
Biodiversity Conservation Action Plan (BCAP) identifies the key challenges
facing Sri Lanka which include deforestation in the Wet Zones, development of
wet lands, overfishing, the destruction of coral reefs , the over use of
agricultural chemicals and the impact of agriculture on plant diversity. It is
evident that Biodiversity has significantly reduced by human activities. The
author of this paper intends to discuss a possible way of protecting the
biodiversity in Sri Lanka and also to find out strengths and weaknesses of
declaring "Environmental Protection Areas" by Government Gazettes. According
to the current legislation in Sri Lanka, Environmentally
important, specific areas are declared as Environmental Protection Areas,
[EPA], as per provisions of Sections 24 C and 24 D, of the National
Environmental Act No.47 of 1980, by an order published in a Gazette
Notification. The Central Environmental Authority shall exercise, perform and
discharge any powers, duties, functions related to planning and development,
within such protection areas. This research has been conducted in relation
to “Muthurajawela, Hanthana, Bolgoda, & Thalangama Environmental Protection
Areas” and this paper also discusses whether the current legal standards and
mechanisms are sufficient to deal with the challenges of protecting
biodiversity and suggest how it could be further developed.
Key
Words: Biodiversity conservation, Environmental
Protection Areas of Sri Lanka
Wednesday, July 8, 2015
බංග්ලාදේශය සහ මියන්මාරය හැර යන දහස් ගණන් සංක්රdමණිකයන් -Rohingya refugees
බංග්ලාදේශය සහ මියන්මාරය හැර යන දහස් ගණන් සංක්‍රමණිකයන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට ඊසානදිග ආසියානු රටවල් එකඟතාව පළ කොට තිබේ.
තායිලන්තයට,
මැලේසියාවට සහ ඉන්දුනීසියාවට සේන්දු වන සංක්‍රමණිකයන් වෙනුවෙන් අත්‍යවශ්‍ය
සේවා සැපයීමට සහ ඔවුන් රැක බලා ගැනීමට එම අරමුදලින් යම් කොටසක් වෙන් වනු
ඇත.
එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය , වසර 20ට වැඩි කාලයක් පුරාවට රෝහින්ග්යා සරණාගතයන්ට උපකාර කරමින් සිටින අතර වර්තමානයේ එය අභියෝගයක් වී ඇත.
See Further:
http://www.theguardian.com/world/2015/jun/14/un-concern-at-bangladesh-plan-to-move-thousands-of-rohingya-to-flooded-island
Wednesday, July 1, 2015
පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය-
පරිසර සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනයේ මූලධර්ම: ශ්රී ලාංකීය නිදර්ශන ඇසුරින් විවරණයක්
-අංජානි
ලීලාරත්න-
-නීති ඒකකය, මධ්යම පරිසර අධිකාරිය-
"නීතිය
සමාජ අවශ්යතා පිළිබිඹු කරන කැඩපතකි. නීතිය
මඟින් සමාජයේ එකිනෙකට ගැටෙන අයිතිවාසිකම් තුලනය කරමින් සමාජ ඉංජිනේරුවෙකුගේ කාර්යය ඉටු කරයි"
-නීතිවේදී
රොස්කො පවුන්ඩ්
නීතියට, තිරසාර
සංවර්ධන ක්රියාවලිය මෙහෙයවිය හැකි බව කිව යුතුය. මන්ද
යත්, මානව
සමාජය තුළ සම්බන්ධතාවයන් පාලනය කරනු ලබන්නේ, නීතිය
මඟින් වන බැවිනි. සාම්ප්රදායිකව
සැලකූ විට, අන්තර්
ජාතික නීතිය මගින් එක් එක් රටවල් අතර ඇති සම්බන්ධතාවය පාලනය කරයි. මානව
හිමිකම් නීතිය මඟින් එක් එක් පුද්ගලයා සතු අයිතිවාසිකම් සහ වගකීම්ද, රජයක්
විසින් එකී අයිතීන් ආරක්ෂා කිරීමට ඇති වගකීම ද අතර තුලනයක් ඇති කරයි. පරිසර
නීතිය මඟින් රජයට සහ තනි පුදුගලයන්ට, සොබා
දහම කෙරෙහි සහ සෞඛ්යවත් පරිසරයක් රැක ගැනීම කෙරෙහි ඇති වගකීම දක්වයි. අන්තර්
ජාතික මානුෂවාදී නීතිය මඟින් පාරිසරික කරුණු මෙන් ම යුධ ගැටුම් පවතින අවස්ථාවකදී සිවිල් ජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්යමය අවශ්යතාවයන් පාලනය කිරීමට අදාළ නීති තත්ත්වය පැහැදිලි කරයි.
උක්ත දැක්වූ සෑම නෛතික දේහයක්ම තිරසාර සංවර්ධනය නමැති සංකල්පය මුල් බැස ගැනීමෙහිලා දායකත්වය සපයා ඇති බව අවධාරණය කළ යුතුය. කිසිඳු විටෙක මෙකී නීති ශාඛාවන්ගෙන් හුදෙකලාව තිරසාර සංවර්ධන සංකල්පය සාක්ෂාත් කරගත නොහැකි බව ද අවබෝධ කරගත යුතුය. එකිනෙකට
ගැටෙන අයිතිවාසිකම් පවතින සමාජයක, වඩා
වැඩියෙන් වැදගත් වන්නේ කුමක්දැයි තීරණය කිරීමට සෑම නීති දේහයක් අතරම තුලනාත්මක සහසම්බන්ධතාවයක් ද පැවතිය යුතු බවට තර්ක කළ හැකිය.
"තිරසාර
සංවර්ධනය" යන්න සරලව විග්රහ කරන්නේ නම්, වර්තමානයේ අවශ්යතාවන් තෘප්ත කර ගන්නා අතරම අනාගත පරපුරට ඔවුන්ගේ අවශ්යතාවයන් තෘප්ත කර ගැනීමට ඇති අවස්ථාව ද සුරක්ෂා කර දෙමින් සිදු කරන සංවර්ධනය ලෙස දැක්විය හැකිය,
සංවර්ධනයේ අරමුණ වන්නේ, මනුෂ්යත්වයේ
මූලික අවශ්යතාවයන් තෘප්ත කිරීම, සෑම
දෙනාගේම ජීවිතයේ ගුණත්මය වැඩි දියුණු කිරීම සහ සුරක්ෂිත අනාගතයක් තහවුරු කිරීමයි. 1992 පරිසරය
සහ සංවර්ධනය පිළිබඳ රියෝ ප්රකාශනයෙහි 01 මූලධර්මයෙහි දැක්වෙන පරිදි, තිරසාර
සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කිරීමේ මධ්‍ය ලක්ෂයෙහි මානවයා සිටියි. සෑම
මනුෂ්යයෙකුම සොබාදහම සමඟ මිතුරුව සෞඛ්යවත් සහ ඵලදායීත්වයෙන් යුතු ජීවිතයක් ගත කිරීම සඳහා අයිතිවාසිකම් ලබයි.
පුද්ගලයාට එසේ සෞඛ්යවත් පරිසරයක් සඳහා අයිතිවාසිකමක් පවතිනවා මෙන්ම, සෑම
මනුෂ්යයෙකුටම පරිසර සංරක්ෂණය සහ සංවර්ධන ක්රියාකාරකම් එකට සමෝධානය කිරීමේ වගකීමක් තිරසාර සංවර්ධනය අත්පත් කර ගැනීමේ සෑම මට්ටමකදීම පවතී. මෙහිලා
මානව සම්පත් භාවිතය සහ ඊට ආනුශංගික ක්රියාකාරකම් පිරිසරික පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා සහය දැක්වීමට හැකි වපසරිය තුළ පවත්වා ගෙන යා යුතුය.
පරිසරය සංරක්ෂණය කිරීම හොඳින් ම සාක්ෂාත් කරගත හැක්කේ පාරිසරික හානි වළක්වා ගැනීමෙනි. මෙහිදී, සිදු වූ හානියට ප්රතිකර්ම යෙදීමට උත්සාහ දැරීම හෝ එබඳු හානියක් සඳහා වන්දි ලබා ගැනීමට වඩා එකී හානි සිදු වීමට පෙර වළක්වා ගැනීම වඩා වැදගත් වේ. මෙය
පූර්වාරක්ෂක පිළියවත් අනුගමනය කිරීම මඟින් සිදු කළ හැකි බවද අඅවධාරණය කළ හැකිය.
එහිලා චාරිත්රානුකූල අන්තර් ජාතික නීතිය යටකේ හඳුනා ගත හැකි ,පූර්වාරක්ෂක මූලධර්මය විශේෂයෙන් වැදගත්
වේ. (Precautionary Principle) මෙහිදී
අදාළ පරිසර හානිය සිදුවීමට ප්රථමයෙන් එය වළක්වා ගැනීම අපේක්ෂා කරයි. පරිසර
සංරක්ෂණය සඳහා මෙකී
නෛතික මෙවලම ඉවහල් කර ගත හැකි බවද කිව හැකිය. "පාරිසරික බලපෑම් තක්සේරු වාර්තවන්" ලබා
දීමට අදාළ නෛතික තත්ත්වය මගින් ද පූර්වාරක්ෂණ මූලධර්මය අනුව යමින් පරිසර සංරක්ෂණය සිදු කරන බව අවධාරණය කළ යුතුය.
පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවන් මගින් සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීමේදී ඒ හරහා සිදු විය හැකි පරිසර හානි සම්බන්ධයෙන් විශ්ලේෂණය කර, එකී
පරිසර හානි අවම වන අයුරින් සහ සංවර්ධන ව්යාපෘතියේ උපරිම ප්රතිලාභ ලැබෙන අයුරින් එකී ව්යාපෘතිය සැලසුම් කිරීම සිදුවේ. තවද, යෝජිත නියමිත ව්යාපෘතියක අපේක්ෂිත පාරිසරික විපාක සොයා බලා, පාරිසරික
පිරිවැය හා සංවර්ධනයේ ප්රතිලාභ අතර විශ්ලේෂණයක් සිදු කර අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කර දීම සිදු කරන බැවින් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තවන් ලබා ගැනීම තිරසාර සංවර්ධනයක් අපේක්ෂා කරන සියලුම දෙනා විසින් අගය කර දැක්විය යුතුය.
එමෙන්ම, පාරිසරික බලපෑම් තක්සේරු වාර්තවන් මඟින් සංවර්ධන ව්යාපෘතිවලට පෙර ඉතා සංවේදී පාරිසරික කලාප හඳුනා ගෙන ඒවා ආරක්ෂා කිරීමට ද හැකියාව ලැබේ. නිදර්ශන
වශයෙන් ශ්රී ලංකාවේ පරිසර සංරක්ෂණය කිරීමේ අරමුණින් "පාරිසර
ආරක්ෂක ප්රදේශ" නම්
කර තිබීම හැඳින්විය හැකිය. තලංගම
පරිසර ආරක්ෂක ප්රදේශය, මුතුරාජවෙල පරිසර ආරක්ෂක ප්රදේශය, හන්තාන
පරිසර ආරක්ෂක ප්රදේශය හා බොල්ගොඩ පරිසර ආරක්ෂක ප්රදේශය මෙහිලා විශේෂයෙන් සටහන් කළ යුතුය.
පාරිසරික ආරක්ෂක ප්රදේශයන් ලෙස උක්ත ප්රදේශ ප්රකාශයට පත් කිරීමට අදාළ නෛතික ප්‍රතිපාදන ලුහුඩින් පහත දක්වා ඇත.
·
තලංගම පරිසර ආරක්ෂක ප්රදේශය
මධ්යම
පරිසර අධිකාරිය විසින් 1980 අංක
47 දරන ජාතික පාරිසරික පනතේ විධි විධානවලට අනුව අංක 1487/10 හා
2007.03.05 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් තලංගම වැව හා ඒ අවට කුඹුරුද ඇතුළත්ව හෙක්ටයාර 118ක
භූමි ප්රදේශය පාරිසරික ආරක්ෂක ප්රදේශයක් ලෙස ප්රකාශයට පත් කරන ලදී.
·
මුතුරාජවෙල පරිසර ආරක්ෂක ප්රදේශය
1980 අංක
47 දරණ ජාතික පාරිසරික පනතේ විධි විධානවලට අනුව 1466/26 හා
2006.10.13 දින දරණ අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ඉහත සඳහන් ප්රෙරණ කලාපයෙන් හෙක්ටයාර 206.78ක
වපසරියක් මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප්රදේශය ලෙස ප්රකාශයට පත් කරන ලදී
·
හන්තාන පරිසර ආරක්ෂක ප්රදේශය
මධ්යම
පළාතේ මහනුවර දිස්ත්රික්කයේ, මහනුවර නගරයේ සිට කිලෝ මීටර් 4ක් පමණ දකුණු දෙසින් පිහිටි සුන්දර හන්තාන කඳුවැටිය මහවැලි නදියට සමාන්තරව පිහිටි කඳු කිහිපයකින් සමන්විත වේ.
නෛතික
වශයෙන් මෙම කඳුවැටියට ආරක්ෂිත තත්ත්වයක් ලබා දී එමඟින් මෙම ප්රදේශයට සහ එහි ජෛව විවිධත්වයට මානව ක්රියාකාරකම් මගින් සිදුවන හානි හැකිතාක් දුරට පාලනය කිරීම සඳහා මධ්යම පරිසර අධිකාරිය විසින් පියවර ගෙන ඇත. 1980 අංක
47 දරණ ජාතික පාරිසරික පනතේ විධි විධානවලට අනුව, හන්තාන කඳුවැටිය 2010 පෙබරවාරි
17 දිනැති අංක 1641/28 දරන
අති විශේෂ ගැසට් නිවේදනය මඟින් පාරිසරික ආරක්ෂක ප්රදේශයක් ලෙස ප්රකාශයට පත් කරන ලදී.
·
බොල්ගොඩ පරිසර ආරක්ෂක ප්රදේශය
1980 අංක
47 දරණ ජාතික පාරිසරික පනතේ විධි විධානවලට අනුව, අංක 1634/23
දරන හා 2009-12-30 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් පානදුර ගගේ මෝය කටේ සිට
වේරැස් ගගේ දකුණු කෙළවර දක්වා විහිදී ඇති වේරැස් ගඟ බොල්ගොඩ උතුරු වැව, බොල්ගොඩ
ගග සහ බොල්ගොඩ දකුණු වැව , පානදුර ගග හා ඒ ආශ්‍රිත සියලුම දූපත් හා ජල දේහයන්
ඇතුළත්ව ඒවායේ පවතින ඉවුරුවල සිට මීටර් 60ක් දක්වා ගොඩබිම දෙසට විහිදුන ප්‍රදේශය බොල්ගොඩ පාරිසරික
ආරක්ෂක ප්රදේශය ලෙස ප්රකාශයට පත් කර ඇත.
සමස්තයක් ලෙස කරුණු දැක්වීමේදී පරිසරය ආරක්ෂා කර
ගනිමින් සෑම පුද්ගලයෙකුගේම ජීවිතයේ
ගුණත්මය වැඩි දියුණු කිරීම සඳහා සංවර්ධන ක්‍රියාවලීන් තිරසාර ආකාරයෙන් ඉටු කළ යුතු
බවද, තිරසාර නොවන ආකාරයේ නිෂ්පාදන සහ පරිභෝජන රටාවන්, සංවර්ධන
ව්‍යාපෘති බැහැර කරලීම සඳහා නෛතික තත්ත්වයන් වර්ධනය විය යුතු බවද අවධාරණය කළ යුතුය. තවද, පරිසර
සංරක්ෂණය හරහා අනාගත පරපුරේ පැවැත්ම හා ඔවුන්ට සෞඛ්‍යමත් පරිසරයකට ඇති
අයිතිවාසිකමද ආරක්ෂා කිරීම වර්තමාන පරපුරේ වගකීම සහ යුතුකම වන බවද , ඒ
සඳහා තිරසාර සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම කළ යුතු බවද අවසාන වශයෙන් යෝජනා
කළ හැකිය.
Subscribe to:
Posts (Atom)