Tuesday, April 16, 2013

ආසියාවේ ආඥාදායක ඝාතකයා ( පොල් පොට්)

විසිවන සියවසේ ලොව බිහිවූ කෲරතම ආඥාදායකයා ඇඩොල්ප‍් හිට්ලර්ය.

අප්‍රිකා මහද්වීපයේ බිහිවූ කෲරතම ඝාතකයා ඉඩි අමීන්ය.

ආසියාකරයෙන් ද ආඥාදායක ඝාතකයෙකු බිහි විය. ඒ කාම්බෝජයේ  ොල් ොට් ය......

 

ප්‍රංශ ආරක්ෂාව යටතේ පැවති කාම්බෝජයේ ප්‍රේක් ස්බොව් නමැති ප්‍රදේශයේදී 1925 මැයි 01 දින පොල් පොට් උපත ලැබීය. එහෙත් ඔහු මිය ගියේ නිදහස් මිනිසෙකු ලෙස නොවේ. කලකට පෙර ඔහුගේ අනුගාමිකයන්ව සිටි පිරිසක් ඔහුව සිරකරගෙන සිටි අතර ඔවුන් ඔහුට එරෙහිව නැගූ චෝදනාව  වූයේ වරක් ඔහුගේ නායකත්වයෙන් යුක්ත වූ "විප්ලවීය ව්‍යාපාරය පාවා දුන්නා" යන්නයි.

 

1975 -1979 අතර කාලයේදී ඔහු ප්‍රජාතන්ත්‍රවාදී කාම්පුචියාව නමැති කොමියුනිස්ට් රාජ්‍යය පාලනය කළේය. චීන මා ඕ වාදය ආශ්‍රිත ව ඔහු නිර්මාණය කළ උටෝපියානු රාජ්‍ය ප්‍රතිපත්ති නිසා මිය ගිය කාම්බෝජ වැසියන් ගණන ලක්ෂ 05 ඉක්මවයි.

 

කාම්බෝජ ජනගහනයෙන් සෑම පස් දෙනෙක‍ගෙන්ම එක් අයෙක් මෙසේ මිය ගියේ මන්දපෝෂණය, රෝගීභාවය, හෝ පමණට වඩා වෙහෙස වී වැඩ කිරීම නිසාය.

 

 



 

වියට්නාමය පරදවා නැගී සිටීම විප්ලවීය කාම්බෝජයේ අරමුණ විය. 1976 දී පොල් පොට් සිව් වසරක සැලැස්මක් ලිඛිත ව ඉදිරිපත් කළේය. ඉන් වසරක් ඇතුළත කාම්බෝජයේ කෘෂි කාර්මික නිෂ්පාදනයන් භයානක ලෙස පහල වැටුණි. පොහොර හා නවීන ක්‍රම නොමැති වීම හේතුව විය. මේ සැලසුම්  කාම්බෝජයේ භූගෝලීය පිහිටීම හෝ වෙනත් කරැණු සලකා බලා ඇති කළ එකක් නොවුණි. දස දහස් ගණන් කාම්බෝජ වැසියෝ සාගතයෙන් පීඩා වින්දාහ. සමහරැන් ගොවි බිම්වල මැරී ඇද වැටුණේ පමණට වඩා වෙහෙස වී වැඩ කිරීම නිසාවෙනි. තවත් අය රෝගවලින් මිය ගියේ වෛද්‍ය ප්‍රතිකාර හෝ ඔඃෂධ නොලැබී යාම නිසාය...  මේ ව්‍යසනයන් ගැන වගකීම පොල් පොට් භාර ගත්තේ නැත.




 

1978 නත්තල් දිනයේ වියට්නාම භටයන් ලක්ෂයක් පමණ කාම්බෝජය ආක්‍රමණය කළහ. බිත්තර කටුවක් මෙන් රට පොඩි වී යද්දී පොල් පොට් හෙලිකොප්ටරයක නැගී පලා ගියේය..

 

 


පොල් පොට් ඊළග වසර 18 ගත කළේ තායිලන්තයේ හා උතුරැ දිග කාම්බෝජයේය. ඔහුට දිගටම තායිලන්ත හමුදාවෙන් ආරක්ෂාව ලැබුණි. 

 

90 දශකයේ දී කාම්බෝජ කොමියුනිස්ට් ව්‍යාපාරය ක්‍රමයෙන් බිද වැටුණි. "ටා මොක් " නම් ප්‍රවීන හමුදා නායකයා ඉතිරි ව සිටි  කැමර් රෑජ් කණ්ඩායමට නායකත්වය සපයන ලදී. ඔහු පොල් පොට් ව අත්අඩංගුවට ගත් අතර තම සගයන් මරා දැමීමට අණ දීම පිළිබද හිටපු ආඥාදායක පොල් පොට් ට විරැද්ධ ව නඩු පැවරීමට පියවර ගත්තේය.

 

1998 අප්‍රේල් 15 දා වොයිස් ඔෆ් ඇමරිකා කාම්බෝජ ගුවන් විදුලියට සවන් දුන් පොල් පොට් වටහා ගත්තේ , තමාව ඇමරිකාවට භාර දීමට "ටා මොක්" සැරසෙන බවයි.  තමන්ට ක්ලාන්ත ගතියක් දැනේ යැයි පවසා වැතිර ගත් ඔහු රාත්‍රී දහය වන විට අවසන් හුස්ම හෙලා තිබුණි.  මරණයට හේතුව හෘදයාබාධයක් බව පැවසුණ ද එය සිය දිවි නසා ගැනීමක් යන සැකය ද ඉස්මතු විය.

තමන් ගැන , තමාගේ ක්‍රියා කලාපයන් ගැන කිසිම මිනිසෙකුට විනිශ්චයක් ලබා දීමට ඉඩ නොතැබූ පොල් පොට් එම විනිශ්චය ලබා දීම ඉතිහාසයට භාර කරමින් සදහට ම නිහඩ විය.....

 

ූලාශ්‍රයඃ  මුතුහර සගරාව , 2010 ජනවාරි

No comments:

Post a Comment