Monday, April 28, 2014

වඳ වීමේ තර්ජනයට මුහුණපා සිටින දුර්ලභ ඝණයේ වන සතුන්



වඳ වීමේ තර්ජනයට මුහුණපා සිටින දුර්ලභ ඝණයේ වන සතුන් ආහාරයට ගන්නා චීන ජාතිකයන් වසර දහයක් දක්වා සිරගත කළ හැකි නව නීති පනතක් ක්‍රියාත්මක කිරීමට චීන රජය පියවර ගෙන තිබේ.

චීන රජයේ වාර්තා අනුව වඳ වීමේ තර්ජනයට මුහුණපා සිටින හාරසිය විස්සක් පමණ වන සත්ව විශේෂ අතරට පැන්ඩාවන්, ආසියානු කළු වලසුන් හා කබල්ලෑවන් අයත් වේ.
වන සතුන් මෙසේ දඩයම් කිරීම ශීඝ්‍ර ලෙස ඉහළ යාමට හේතුව වශයෙන් දැක්වෙන්නේ වන සත්ව මස් ආහාරයට ගැනීම හා ඒ ආශ්‍රයෙන් කෙරෙන නිෂ්පාදන බවයි පැවසෙන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කළාපයේ නීති විරෝධී ලෙස වන සතුන් දඩයම් කරන වෙළදුන් පිළිබඳ කරන ලද අධ්‍යනයකකට අනුව ඇතැම් පුද්ගලයන් වන සතුන් පරිභෝජනය සදහා යොදා ගන්නේ සමාජ තත්වය අන්‍යන්ට හැඟ වීමට හා භාහිර අලංකරණය සදහායි.
එම අධ්‍යනයට අනුව චීනය වන සතුන් වෙළදාමේ කළාපීය බලවතා බවට පත්ව ඇති බව වැඩි දුරටත් සදහන් වේ.





වැඩිදුර කියවන්න 

http://www.bbc.co.uk/sinhala/world/2014/04/140427_wild_animal_china_jail.shtml 


No comments:

Post a Comment